Search
  • NTN Sri Lanka

World AIDS Day is Today - ජාත්‍යන්තර ඒඩ්ස් දිනය අදයි...

Updated: Dec 2, 2020


Every year the World AIDS Day takes place on the first day of December, opening up an opportunity for people worldwide to unite in the fight against HIV, to show support and bring equality for people living with HIV and key affected populations towards HIV, and to commemorate those who have died from an AIDS-related illness.


The day is internationally dedicated to raising awareness of the HIV epidemic and its successful suppression via modern medication, with a focus to eliminate stigma and discrimination followed by myths and misconceptions willfully manipulated by certain parties.


Government health officials, non-governmental organisations, and individual activists around the globe observe this day often associated with education on HIV/AIDS literature and prevention of its exposure.


Sri Lanka has its center of attention on HIV response among the general public and the key populations by the National STD and AIDS Control Programme (NSACP) of the Ministry of Health the principal Government body that is responsible for the elimination fo HIV and other sexually transmitted infections (STIs) in Sri Lanka.


World AIDS Day was first conceived in August 1987 by James W. Bunn and Thomas Netter, two public information officers for the Global Response on AIDS at the World Health Organization in Geneva, Switzerland.


Sri Lanka annually holds a World AIDS Day walk with having all stakeholders to the national response involved. However, this may not be held this year due to the Covid-19 pandemic.


This year's World AIDS Day theme is Global Solidarity, Shared Responsibility.

Achievements made in the National HIV Response in Sri Lanka

  1. Eliminating mother-to-child transmission of HIV and Syphilis

  2. Recognising MSM (Men who have Sex with Men) and Transgender people as two components in the key affected populations towards HIV response

  3. Introduction of Pre-Exposure Prophylaxis (PrEP) for successful prevention of HIV transmission among key populations in a pilot programme; currently this is encouraged mostly among key populations who are willing to contribute to the program

  4. The prevalence of HIV in Sri Lanka remains below 01%

  5. Recognition of the scientific fact that those within undetectable viral loads under ART medication cannot pass the virus to an uninfected person via contact. This is often referred to as Undetectable equals Untransmittable (U=U), leading to the U=U movement




සෑම වසරකම ජාත්‍යන්තර ඒඩ්ස් දිනය දෙසැම්බර් මස පළමුවන (01) දින සැමරීම සිදුවන අතර, එච්අයිවී මර්දනය, එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් හා එච්අයිවී වලට අධි අවදානම් කණ්ඩායම් වලට සහයෝගය දැක්වීම, ඒඩ්ස් ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන් මරණයට පත් වූ පුද්ගලයින් සිහිපත් කිරීම සඳහා ලෝක ඒඩ්ස් දිනය සමරනු ලබයි.


එමෙන් ම එච්අයිවී වටා ගෙතුණු සෘණාත්මක ආකල්ප හා ඒ ඇසුරින් සිදුවන විවිධ වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් පිටුදැකීම මෙහි තවත් අරමුණක් වේ.


සෑම ජනකණ්ඩායමක් ම අතර සමානාත්මතාවය ප්‍රවර්ධනය කරනු වස් ලෝක ඒඩ්ස් දිනයට සමඟාමීව විවිධ වැඩසටහන් හා උත්සව රාශියක් පවත්වනු ලබන අතර, ශ්‍රී ලංකාවේ මීට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජාතික එච්අයිවී නිවාරණ වැඩපිළිවෙලයි.


ජාත්‍යන්තර ඒඩ්ස් දිනයට සමගාමීව HIV ව්‍යාප්තිය හා නිවාරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, නූතන වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර මඟින් HIV වෛරසය සාර්ථකව පාලනය කරන අන්දම පිළිබඳ තොරතුරු ලබා දීම ද සිදුවේ.


ශ්‍රී ලංකාවේ ජාතික එච්අයිවී නිවාරණ ප්‍රතිචාරය තුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශවයන් ගණනාවක් එක්ව කටයුතු කරන අතර, සෑම වසරකම ලෝක ඒඩ්ස් දින පාගමනක් පැවැත්වීම ද සිදුවේ.


කෙසේ වෙතත් පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම වසරේ ලෝක ඒඩ්ස් දින පාගමන සිදු නොවනු ඇත.


ශ්‍රී ලංකාවේ පොදු ජනතාව හා අධි අවදානම් කණ්ඩායම් අතර HIV හා අනෙකුත් ලිංගිකව සම්ප්‍රේශණය වන ආසාදන (STIs) ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධව මූලිකත්වය ගෙන කටයුතු කරන ප්‍රධාන රජයේ ආයතනය වන්නේ සෞඛ්‍යය අමාත්‍යංශයට අනුබද්ධිත ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනයි (NSACP). ඊට සිවිල් ප්‍රජාවේ පාර්ශවකරුවන් රාශියක ගේ දායකත්වයද හිමි වේ.


ජාත්‍යන්තර ඒඩ්ස් දිනය පිළිබඳ සංකල්පය මුල්ම වරට හඳුන්වා දෙන ලද්දේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍යය සංවිධානයේ HIV අසාදානයට සම්බන්ධ ගෝලීය ප්‍රතිචාරයේ මහජන ප්‍රවෘත්ති නිලධාරීන් දෙදෙනෙකු වන ජේම්ස් ඩබ්. බන් හා තෝමස් නෙටර් විසින් 1987 වර්ෂයේ දී ය.


මෙම වසරේ ජාත්‍යන්තර ඒ්ඩ්ස් දින තේමාව ගෝලීය සහයෝගීතාවය, සාමූහික වගකීම යි. (Global Solidarity, Shared Responsibility)

ශ්‍රී ලංකාවේ ජාතික එච්අයිවී ප්‍රතිචාරය තුළ උදා කර ගත් ජයග්‍රහණ කිහිපයක් පවතී. ඒවා නම්,


01. මවගෙන් දරුවාට එච්අයිවී සම්ප්‍රේශණය වීම 100% තුරන් කිරීම

02. ජාතික එච්අයිවී නිවාරණ වැඩපිළිවෙල තුළ පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි (MSM) පුද්ගලයින් හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් (Transgender) වෙනම අධි අවදානම් කණ්ඩායම් දෙකක් ලෙස හඳුනා ගැනීම

03. එච්අයිවී වෛරසයට අධි අවදානම් කණ්ඩායම් කෙරේ අවධානය යොමු කරමින්, ජාතික ප්‍රතිචාරයට ද දායක විය හැකි ප්‍රජා සාමාජිකයින් සලකා බලා - පූර්ව නිවාරණ ප්‍රතිකාර (Pre Exposure Prophylaxis - PrEP) ලබා දීම ආරම්භ කිරීම

04. එච්අයිවී ව්‍යාප්ති අවදානම 1% ට අඩු මට්ටමක පවත්වා ගැනීම

05. නිසි ප්‍රතිකාර වෙත යොමුවීම තුළින් එච්අයිවී වෛරසය හඳුනා ගත නොහැකි මට්ටමට පාලනය කළ හැකි බවත්, එම හඳුනා ගත නොහැකි මට්ටම තුළ එච්අයිවී ආසාදිත නොවන පුද්ගලයකු හට වෛරසය සම්ප්‍රේශණය කළ නොහැකි බවත් පිළිගැනීම සහ ජාතික ප්‍රවාහයට එම තොරතුර අනුගත කිරීම. (මෙය හඳුන්වනු ලබන්නේ Undetectable = Untransmittable; U=U යනුවෙනි)



Source of the Article: www.lankanewsweb.net (MIAP)

11 views0 comments

Recent Posts

See All