Search
  • NTN Sri Lanka

COVID-19 and Mental Health

කොරෝනා වෛරසය (Covid-19) සහ මානසික සෞඛ්‍ය‍ය...


It is normal to feel anxious and stressed during the COVID-19 outbreak. We all have a role to play in protecting the physical and mental health of ourselves and others. Know the facts about COVID-19 and help to support positive mental well-being.


කොරෝනා වෛරසයේ පැතිරයාම අතරතුර ඔබට කනස්සල්ල සහ මානසික ආතතිය දැනීම සාමාන්‍ය දෙයකි. අපගේ සහ අන් අයගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අප සැමට කාර්යභාරයක් ඇත. COVID-19 පිළිබඳ කරුණු දැනගෙන ධනාත්මක මානසික යහපැවැත්ම සඳහා සහාය වීමට උපකාරී වෙමු.


 


It is normal to feel fearful and anxious during this time.

Talking about your feelings will lessen your distress.


මෙම කාලය තුළ බියක් සහ කනස්සල්ලක් දැනීම සාමාන්‍ය දෙයකි.

ඔබේ හැඟීම් ගැන කතා කිරීමෙන් ඔබේ මානසික ආතතිය අඩු වේවි.


 


Set a time when you will check COVID-19 updates, and limit how long you spend

reading or watching them each day. ​

It is important to spend time doing things you enjoy and find relaxing.

ඔබ කොරෝනා වෛරසයේ පැතිරයාම පිළිබඳව යාවත්කාලීන තොරතුරු පරික්ෂා කිරීමට

වේලාවක් වෙන්කරගන්න. එම තොරතුරු පිළිබඳව දැනුවත් වීමට කොපමණ කාළයක්

ඔබ ගත කරනවාද යන්න තීරණය කරන්න.

ඔබේ ජීවිතයේ ඔබට විනෝද වීමට සහ විවේකය ලබාගැනීමට

කාලය සොයා ගැනීම ඉතාමත් වැදගත් වේ.


 


Protect yourself and your loved ones from

COVID-19 with these simple measures.


ඉහත සරල පියවර කිහිපය අනුගමනය කරගනිමින්

කොරෝනා වෛරසයෙන් ඔබ සහ ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කරගන්න...


 


Frontline COVID19 responders and other essential workers face

many challenges while they work to keep us safe and maintain services.

We support and thank them for their efforts.​

COVID19 තත්ත්වය පාළනය කිරීමට ක්‍රියා කරන ඉදිරිපෙළ ක්‍රියාකරන්නන් සහ අනෙකුත් අතවශ්‍ය සේවකයින් අපව ආරක්ශාකාරීව තැබීමටත්, සපයන සේවාවන් නිසිපරිදි නඩත්තු කිරීමටත්

කටයුතු කරන අතරතුර බොහෝ අභියෝගයන්ට මුහුණ දෙති.

ඔවුන්ගේ උත්සාහයට අපි ඔවුන්ට සහයෝගය හා ස්තූතිවන්ත වෙමු.

 

The frontline responders working tirelessly to save lives

during this pandemic deserve time to rest.

Talk to your colleagues or supervisor if you think you may be experiencing burnout.​

මෙම වසංගත තත්ත්වය තුළ ජීවිත බේරා ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන

පෙරටුගාමී ක්‍රියාකරන්නන්ට විවේක ගැනීමට කාලය අවශ්‍ය වේ.

ඔබ එසේ ක්‍රියාකරන අයෙකු නම්, ඒ අතරතුර ඔබට අධික වෙහෙසක් හෝ මානසික පීඩාවක් දැනේ නම්

ඔබේ සඟයෙකුට හෝ ප්‍රධානියෙකු සමඟ ඒ පිළිබඳව කතා කරන්න.


 


If you feel stressed and overwhelmed, talk to your colleagues or supervisor

about your feelings and challenges. ​Frontline and other essential workers can

protect their Mental Health by accessing on-site or remote services (e.g. telehealth)

for therapy, advice and other forms of support. ​

ඔබට ආතතියක් හා අධික පීඩනයක් දැනේ නම්, ඔබේ හැඟීම් සහ අභියෝග ගැන

ඔබේ සගයන් හෝ කාර්යමණ්ඩලය සමඟ ඔබට දැනෙන දේ සහ ඔබට මුහුණ දීමට සිදුවන අභියෝග

පිළිබඳව කතා කරන්න. පෙරටුගාමී සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවකයින්ට චිකිත්සාව,

උපදෙස් සහ වෙනත් ආකාරයේ ආධාර සඳහා ස්ථානීය හෝ දුරස්ථ සේවාවන් (උදා: ටෙලිහෙල්ත්) වෙත පිවිසීමෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගත හැකිය.


 


Let’s keep our frontline and essential workforce

mentally healthy and productive. ​

අපගේ පෙරටුගාමී හා අත්‍යවශ්‍ය ශ්‍රම බලකාය

මානසිකව සෞඛ්‍ය සම්පන්නව හා කාර්යක්ෂම ලෙස තබා ගනිමු.


 


Maintaining connections between people diagnosed with COVID-19

and their loved ones can help protect their mental health.


COVID-19 රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා විවිධ මාධ්‍ය‍යන් ඔස්සේ

ඔවුන්ගේ ආදරණීයයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට ඉඩ සැලසීම

ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට උපකාරී වනු ඇත.


 


Our hearts go out to families who have lost loved ones to COVID-19.

May you find peace, hope, and love during this difficult time.​


COVID-19 නිසාවෙන් ආදරණීයයන් අහිමි වූ පවුල් වෙත අපගේ සාති්‍ශය සංවේගය පළ කරන්නෙමු.

මෙම දුෂ්කර කාලය තුළ ඔබට සාමය, බලාපොරොත්තුව සහ ආදරය ලැබේවා!


 


Stress and adversity can also be a path to growth and meaning. ​

To learn more about skills that can help you manage stressful situations,

download this new publication: Doing what matters during times of stress https://bit.ly/36swY3P


ආතතිය හා ආපදා තත්තවයන් ඇතිවීම අර්ථවත් වූ සහ වර්ධනාත්මක මාවතක් කරා මඟ පෙන්විය හැකිය.

ආතති සහගත තත්වයන් කළමනාකරණය කිරීමට ඔබට උපකාරී විය හැකි කුසලතා පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, මෙම නව ප්‍රකාශනය බාගත කරගන්න : ආතතියෙන් පෙළෙන කාලවලදී වැදගත් දේ කිරීමට https://bit.ly/36swY3P


 

Source : World Health Organization (WHO) website...

මූළාශ්‍රය : ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි වෙබ් අඩවියෙන්...

32 views0 comments